බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය අඩුවීමෙන් රෝගීහු අපහසුතාවට

87

බෙලිඅත්ත ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය අඩුවීම නිසා රෝහල් කටයුතු වලට බාධා පැමිණ ඇතැයි රෝහල් කමිටුව පවසයි. මේ පිළිබඳ රෝහලේ වෛද්‍යවරු පවසන්නේ රෝහලේ කාර්ය මණ්ඩලය හැටක් සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 18 දෙනෙක් පමණක් බවයි. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම ආයුර්වේද රෝහල බෙලිඅත්ත ආයුර්වේද රෝහල නිසාවෙනි. මෙය නේවාසික රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින රෝහලකි. මෙම රෝහල මෑතක සිට ජනතාව නොපැමිණෙන තැනක් බවට පත්ව ඇත්තේ කාර්ය මණ්ඩලයේ අඩුපාඩු නිසා බව පැවසේ.

නව සේවක බදවා ගැනීම් සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරයා වෙත රෝහල විසින් ලිපි යොමු කර ඇතත් එයටද අවශ්‍ය කටයුතු නොකෙරෙන බව ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. දැනට ගාල්ල ආයුර්වේද රෝහලේ අතිරික්තව සිටින කාර්ය මණ්ඩලය බෙලිඅත්ත රෝහලට කඩිනමින් ලබා දෙන ලෙස බෙලියත්ත රෝහල් කමිටුව ඉල්ලා සිටී.

බෙලිඅත්ත – රාමනායක

advertistmentadvertistment
advertistmentadvertistment