රුසියානුවෝ රුසියානුවකුට පහරදීලා

216


හබරාදූව තල්පේ හන්දියේ පිහිටි ජැක් ඇන්ඩ් නෙල්ලි විලා ආයතනයේදී රුසියානුවන් සිවි දෙනෙක් තවත් රුසියානුවෙකුට පෙරේදා (09දා) පහරදී රුපියල් ලක්ෂ 38ක මුදලක් කොල්ලකා ඇත.

මෙම රුසියානුවන් මෙරට රැදී සිටිමින් රූබන් රුපියල්වලට මාරුකරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවුණු ආරවුලක් මෙම පහරදීමට මුල්වී ඇති බවත් හබරාදූව පොලීසිය කියයි.

පහරදීමට සම්බන්ධ රුසියානුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන අතර පහරකෑමෙන් තුවාල ලැබූ රුසියානුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment