දුරකථන ඇමැතුමක් තරුණයින් දෙදෙනකු මරයි

998


දුරකතන ඇමතුමක යෙදෙමින් කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු අද පෙරවරු 5.45 ට පමණ දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒගතිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම උදෑසන ම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි සීඝ්‍රගාමී දුම්රියක් ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දෙදෙනා දුරකථන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිණි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment