බද්දෙන් නිදහස් කළ 138 න් 97 කට වැට් බදු පැනවෙනවා – SMSවලටත් බද්දක්- රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

256

වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 ක් අතුරෙන් අයිතම 97 කට වැට් බදු පැනවෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඖෂධ, ආබාධිත උපකරණ, හාල්පිටි, තිරිඟුපිටි, එළවළු, පළතුරු දියර කිරි සහ සුවසැරිය රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බවය.

ජංගම දුරකථනවලින් යවන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මගින් යවන කෙටි පණිවුඩ වලටත් බද්දක් අය කිරීමට ඉදිරියේදී පියවර ගැනෙන බවත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මෙම පියවර ගන්නා බවත් ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment