යුක්තිය මෙහෙයුමෙන් පැය 24 කදී අපරාධකරුවෝ 803ක් දැලේ

32

‘යුක්තිය’ මෙහෙයුම යටතේ ඊයේ (28 වැනිදා) පෙරවරු 6.00 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 803 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධ සැකකරුවන් 562 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241 දෙනකු ද ඇතුළුව මුළු සැකකරුවන් 803 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් පස් දෙනෙකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම අපරාධ අංශය වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධ විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 දෙනකු හා මත්ද්‍රව්‍ය නොවන වැරැදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 214 දෙනෙක්ද සිටිති.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතව සිටි සැකකරුවන් 7 දෙනෙකු සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 9 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, මත්කුඩු ග්‍රෑම් 212 ක්ද, අයිස් ග්‍රෑම් 101 ක්ද, ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 852 ක්ද, ගංජා පැළ 433 ක්ද, මාවා කිලෝග්‍රෑම් 2 ක්ද, මත්පෙති ග්‍රෑම් 169 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment