ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ

88

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරත ඉහළ පෙළේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ කාර්යාලයේ දී පැවැත්විණි. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් විලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ඒ සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදීමටත්, ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර අදහස් හුවමාරු විය. රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක් වූ අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කෙරේ
advertistmentadvertistment
advertistmentadvertistment