අද දුවන්නේ පාසල් වෑන් සියයට 30 යි:

145

විසඳුමක් නැත්නම් දින 14 ක් ඇතුළත සියලු වෑන් නවතිනවා

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා ධාවනය වන පාසල් වෑන් රථවලින් අද (15 දා) ධාවනය කරන්නේ සියයට 30 ක් බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට පැවසීය.

දිවයින පුරා පාසල් වෑන් රථ 48,000 ක් ඇති බවත්, ඒවායින් අද 15,000 ක් පමණ ධාවනය වන බවත් ඒ මහතා කියා සිටියේය.

පාසල් වෑන් රථ බොහෝමයක් ඉන්ධන පෝලිම්වල බලා සිටින බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා ඉන්ධන ප්‍රශ්නය නිසා පාසල් වෑන් රථ ධාවනය කිරීමේ ගැටලුවකට මුහුණ පා තිබෙන බව ද මෙම තත්ත්වය තුළ පාසල් වෑන් රථ හිමියන් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ලීසිං පවා ගෙවාගත නොහැකිව අසරණ වී සිටින බව ද පැවසීය. පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ප්‍රමුඛතාවය ලබා දී ඉන්ධන ලබාදෙන ලෙසත්, විසඳුමක් නොමැති නම් දවස් 14 ක් ඇතුළත පාසල් වෑන් රථ ධාවනයෙන් ඉවත් වන බවත් ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment