ගැබ්බර එළදෙන මරා පැටියා මසට අරං

269


ගම්පොල මොරගොල්ල මාර්ගය තුළ වසර පහළොවකට අධික කාලයක් පුරා නිදැල්ලේ ගැවසෙමින් සිටින එළ හරක් රංචුවේ තවත් ගැබිණි එළ වැස්සියක මරා පැටියාද එළියට ඇද දමා එම සතාගේ කොටසක් රැගෙන ගොස් ඇති බව ගම්වාසීහු පවසති.

මෙම රංචුවේ සතුන් පහළොවකට අධික ප්‍රමාණයක් සිටි අතර මෙයාකාරයට වරින්වර මස් සඳහා සතුන් මරා දැමීම හා හොර රහසේ රැගෙන යාම නිසා දැනට එම රංචුවේ සිටින්නේ සතුන් පස්දෙනෙකි.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසිය වෙත කිහිප වරක් දැන්වුවද මෙයට විසඳුමක් ලැබී නොමැති බවද ඔවුහු පවසති. දින කිහිපයකට පෙර මෙම රංචුවේ සිටි පැටියෙකු ද සොරාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment