බොරලුකන්ද පුදබිමේ ඉදිකිරීම් නතර කරන්න උපදෙස් දුන්නේ සම්බන්ධන්

518

ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය

අනුරාධපුර යුගය දක්වා දිවෙන ත්‍රිකුණාමලය ඉපැරණි බොරලුකන්ද පුදබිමේ ඉදිකිරීම් නවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් බව ඔහුගේ ලිපියකින් තහවුරු වී ඇතැයි ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

පුරාවිiා නටබුන් භූමියක විහාරස්ථානයක් ඉදිකිරීම ගැන තීරණ ගත හැක්කේ පුරාවිiා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පමණක් වන නමුත් මෙහිදී පුරාවිiා ආඥා පනත නොසලකා කටයුතු කිරීම අන්තවාදී බලවේගවල හැසිරීමක් බව ද එම සංවිධානය, නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාට ලිඛිතව ඊයේ

(14 දා) දැනුම්දී තිබේ.

එම විහාරයේ ඉදිකිරීම් නැවැත්වීමට හේතුව හා නීතිමය ශක්‍යතාව ද පැහැදිලි කරන ලෙස එම සංවිධානය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment