බය නැතිව දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

147

බය නැතිව දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙන ලෙස බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

එලෙස ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගැනීම නිසා සරම්ප වැළඳුණු දරුවන් 20 දෙනකු පමණ ළමා රෝහලට ඇතුළත් කෙරුණු බව ද පැවසූ ඒ මහතා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් දරුවන් හට සරම්ප, පෝලියෝ, පිටගැස්ම, ගලපටලය, කක්කල් කැස්ස, හෙපටයිටිස් බී වැනි රෝගාබාධවලට ගොදුරු විය හැකි බව ද කියා සිටියේය.

එමෙන්ම, ගර්භණී මවකට ජර්මන් සරම්ප වැළඳුණහොත් ඇය බිහිකරන දරුවා සංජානනීය හෘදයාබාධ, මන්ද බුද්ධික තත්ත්වයන්, ඇස් පෙනීමේ දුර්වලතා වැනි රෝගාබාධවලට ලක්විය හැකි බව ද හෙතෙම කීය.

ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගතහොත් 1940 – 50 වකවානුවේ මෙන් ඉදිරියේදී පෝලියෝ වාට්ටු, කක්කල් කැස්ස වාට්ටු ඇති වනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment