කිරි පිටඋගුරේ ගිය බිලිඳියව බොහෝ වේලා ගිලන් රථයේ තබාගෙන: බිලිඳිය මරුට

519

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ මාස නවයක බිලිඳියක් කිරි උගුරේ හිරවීමෙන් මියගියේ ගිලන් රථයේ සිටි කාර්ය මණ්ඩලයේ ප්‍රමාදයක් නිසා බව පවසන එම දැරියගේ දෙමව්පියන් වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් 24 දා ඉල්ලීමක් කොට ඇත.

එස්.මවුලීස් නමැති මෙම දැරියට මව විසින් කිරි ලබා දීමෙන් පසුව මව්කිරි පිට උගුරේ යෑම නිසා දැරිය රෝගී වී ඇති අතර වහාම කැඳ වූ ගිලන් රථයේ සේවකයින් තමන්ට රෝහලට යෑමට ඉඩ නොදී ගිලන් රථයේම බොහෝ වේලාවක් රඳවා ගැනීම නිසා සිය දියණිය මියගිය බවට පැමිණිලි කොට තිබේ.

අවසානයේ දී දැරිය මිය යෑමෙන් පසුව යාපනයේ ඩෙල්ෆ්ට් රෝහලේ වෛද්‍යවරු සිය දියණියගේ මළ සිරුර මවට භාර දීම පවා ප්‍රතික්ෂේප කළ බවට පැමිණිලි කරන ඇය සෞඛ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මේ අන්දමට වගකීමකින් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා ඇත.

අවසානයේදී මියගිය දැරියගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත යැවූ බවත් තමන්ට එම මළ සිරුර භාර ගැනීමට සිදු වූයේ යාපනය ශීක්ෂණ රෝහලෙන් බවත් අදාළ කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment