හැටන් ගාමිණීපුර පස් කන්දක් නිවසකට කඩා වැටෙයි

105

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇදහැලෙන වැසි හේතුවෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එහි නිවසකට හානි සිදුව ඇත. මේ පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වූ හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේස් මහතා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ අඩි 12ක් පමණ උස පස් කන්දක් කඩා වැටීමෙන් ඒ අසල නිවසකට හානි සිදුව ඇති බවත්ය. මෙම පස් කන්ද කඩා වැටීමත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් එම නිවසේ කාමරයකට හානි සිදුව ඇති බවත් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment