පාස්කු ප්‍රහාරයට  අදට තුන් වසරයි

203

පුද්ගලයන් 268 දෙනකු ඝාතනයට ලක් වූ පාස්කු ප්‍රහාරය සිදු වී අදට (21 දා) වසර 3 ක් සම්පූර්ණ වේ.

මේ බිහිසුණු ප්‍රහාරය ගැන 630 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඉන් 258 ක් ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගෙන චෝදනා ගොනු කර ඇත.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවද මොහමද් නවුපර්, මොහමද් අන්වර් සහ අහමද් මිල්හාන් නමැති අන්තවාදීන් තිදෙනා පාස්කු ප්‍රහාරයට අනුබල දුන් බවට නම් කර ඔවුන් ඇමෙරිකාවට බාරදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය නිලධාරිනියක ඇතුළු ඇමෙරිකානුවන් පස් දෙනකු ද පාස්කු ප්‍රහාරයේදී මරුමුවට පත් වී තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment