මිනුවන්ගොඩ කෞෂානිට මොකද වුණේ? – තවමත් තොරතුරක් නැහැ

893

ඉකුත් දා පැහැරගත් තම 15 හැවිරිදි දියණිය ගැන තවමත් තොරතුරක් නැතැයි එම දැරියගේ මව පවසයි.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව පවසන්නීය.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා නමැති මෙම දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටියාය.

ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින කෞෂානිගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට මව කටයුතු කර තිබුණාය.

කෙසේ වෙතත් අප්‍රේල් 12 වැනිදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනකු කෞෂානිව පැහැරගත් බව සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.

මේ සම්බන්යෙන් මාධ්‍යයට අදහස් දැක්වූ දැරියගේ මව මෙසේ පැවසුවාය.

“මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා. පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා.”

සිය දියණිය පිළිබඳ තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කෞෂානිගේ මව ඉල්ලීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment