ඉරානයේ වීථියක නර්තනයේ යෙදුනු යුවළකට දස අවුරුදු සිරදඬුවමක්

334

ඉරානයේ වීථියක නර්තනයේ යෙදෙමින් එහි ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කළ වයස අවුරුදු 20 ගණන්වල පසුවන පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගෙන ඇති ඉරාන බලධාරීන් විසින් අධිකරණය හරහා ඔවුනට වසර 10ක සිරදඬුවමක් පැනවීමට පියවර ගෙන තිබේ. දූෂණය,

ගණිකා සේවය හා නොමඟයවනසුළු හැසිරීම් රටාවක් හා හවුලේ ජාතික ආරක්ෂාවට එරෙහි මතයක් ප්‍රවර්ධනය කිරීම යන චෝදනා යටතේ ඉරානයේ 21 හැවිරිදි වියෙහි පසු වන මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන අස්ටියාස් හකිකි හා ඇයගේ 22 හැවිරිදි වියෙහි පසු වන පෙම්වතා වන අමීර් මොහොමඩ් අහ්මදී අත්අඩංගුවට ගෙන ඔවුන්ව සිරගත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම පෙම්වතුන් යුවළ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ පිහිටි ‘අසාඩි (නිදහස්) කුලුන අසල වීථියේ නර්තනයේ යෙදෙන අයුරු වීඩියෝ කර සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ එම ගිණුම්වල අනුගාමිකයන් මිලියන දෙකක් සිටින බව අනාවරණය වී තිබේ. පොලිස්

අත්අඩංගුවේ පසු වෙද්දී මියගිය කාන්තාවකගේ මරණයට එරෙහිව ඉරානයේ හටගෙන ඇති විරෝධතාවන්ට සහභාගි වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ඉරාන බලධාරීන් විසින් මෙම දිනවල පියවර ගෙන ඇත. කෙසේ වුවද මහමග නර්තනයේ යෙදීමේ වරදට අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති යුවළ සිය නර්තනය මෙම දිනවල රටේ පවතින විරෝධතාවන්ට සම්බන්ධ කර නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment