මියගිය සද්දන්තයෙකුගේ මළසිරුරක් නැව්ගලදී හමුවේ

73

මහකළුගොල්ල පොලිස් වසමට අයත් නැව්ගල වැවේයාය මිණිකටුයාය ප්‍රදේශයේ තණ පිට්ටනියක තිබී වන අලියෙකුගේ මළසිරුරක් ඉකුත් (02දා) මහකළුගොල්ල පොලිසියට හමුවී ඇත.

අඩි 7 ක් පමණ උසැති මෙම පිරිමි වන අලියාගේ වයස අවුරුදු 20-25 අතර වේ. වන අලියාගේ මරණය දමන වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනසත්ව අඩවි සහකාර එස්. ප්‍රියන්ත පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරව ඉකුත් 03 වෙනිදා වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉන්පසුව මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි දමන වනජීවි කාර්යාලය පවසයි. මහකළුගොල්ල පොලිස් ස්ථානාධිපති බුද්ධික විදානගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment