දයාසිරිගේ වාරණය අත්හිටුවයි

281


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

එහෙත් දයාසිරි ජයසේකර මහතා වෙත මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

පැමිණිලිකරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් එම වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස අද නියෝග කළේය.

අනතුරුව නඩුව නැවත නොවැම්බර් මස 05 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment