පෙට්‍රෝචයිනාට ඉන්ධන ගෙන්වීමට අවසර

324

ඉදිරි මාස 4ක කාලයක් ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණඩල අනුමැතිය හිමිව ඇත.විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව නොවැම්බර් මස 1 වැනිදා සිට 2024 පෙබරවාරි මස 29 වැනිදා දක්වා වු කාලය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සිංගපූරුවේ පෙට්‍රෝචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment