වැලි මැසි උවදුර මැඬලන්නට රජරට සරසවියෙන් ජාත්‍යන්තර ව්‍යාපෘතියක්

93

දිවයිනේ විවිධ ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින ලීෂ්මනයිසිස් රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ඉක්ලිප්ස් ව්‍යාපෘතිය එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක දනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්විණ.

ලීෂ්මනයිසීස් රෝගයේ, රෝග වාහකයා වැලි මැස්සා වන අතර රෝගය බෝ කරන රෝගකාරකය වනුයේ, ලීෂ්මේනියා නම් පරපෝෂිතයෙකි. රෝගය පිළිබඳව පවතින නොදැනුවත්කම හා රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් මූලික අවස්ථාවේදී ඇති වූ කුඩා ගැටිති, බිබිලි හෝ තුවාල ප්‍රමාණයෙන් විශාල වීමට හෝ පැතිරුණු තුවාල බවට වර්ධනය විය හැකි බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට තුවාල ඇති වූ මුල් අවධියේ ම රජයේ රෝහලක් වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. ලීෂ්මනයිසිස් රෝගය යනු වළක්වා ගත යුතු, වළක්වා ගත හැකි, නිට්ටාවටම සුව කරගත හැකි රෝගයක් බැවින් සම මතුපිට දිගු කලක් සුව නොවන ගැටිත්තක්, බිබිලක්, තුවාලයක් ඇත්නම්, ලීෂ්මනයිසිස් යැයි සැක කොට රජයේ රෝහලක් වෙත යොමු වන ලෙස මෙම අධ්‍යයන කණ්ඩායම ජනතාවගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment