එඩ්මන්ගේ පත්තර විප්ලවය එළිදකී

132

ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇගයීම හා ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර සමාලෝචනය කිරීමත් ඔවුන්ට ජාතියේ උපහාර පිරිනැමීම සඳහාත් වැඩසටහනක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එහි ප්‍රථම වැඩසටහන ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති කාර්යාලයේ සභා ශාලාවේදී පැවැත්වේ.

මෙම සමාරම්භක අවස්ථාවේදී ‘දිවයින’ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතා සම්භාවනාවට ලක්කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ නමැති ග්‍රන්ථය දොරට වැඩීම ද සිදුකෙරේ.

කතුවරයා හා ග්‍රන්ථය හඳුන්වා දීමේ දේශනය පවත්වනු ලබන්නේ දිවයින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment