සැප්තැම්බර් 6 දා වන විට විදෙස් සංචාරකයෝ 927,214 ක් ඇවිත්

73

මේ වසරේ (2023) මුල සිට පසුගිය සැප්තැම්බර් 06 දින දක්වා මෙරටට පැමිණි මුළු විදේශ සංචාරකයන් ගණන නවලක්‍ෂ විසිහත්දහස් දෙසිය දාහතක් දක්වා වර්ධනය වී ඇත.
ගිය වර්ෂයේ (2022) පැමිණි මුළු විදේශ සංචාරකයන් ගණන හත්ලක්‍ෂ දහනවදහස් නවසිය හැත්තෑ අටකි.

මේ මාසයේ (සැප්තැම්බර්) මුල් දින හයේදී පමණක් පැමිණි විදෙස් සංචාරකයන් විසිදෙදහස් අටසිය අනූහය දෙනකු පැමිණ තිබේ. එම ප්‍රමාණයෙන් 6188 ක් හෙවත් සියයට 27 ක්ම ඉන්දියාවෙන් පැමිණ ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment