දිනපතාම දුම්රිය 90 ක් අවලංගුයි

82

නඩත්තු කටයුතු සඳහා මුදල් ලබා නොදීම නිසා දෛනික දුම්රිය ගමන් වාර තුන්සිය අනූවකින් (390)

ගමන් වාර අනූවක්ම (90) දෛනිකව අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබෙන නිසා දෛනිකව සිදුවන දුම්රිය මාර්ග නඩත්තු කිරීම්, දුම්රිය සංඥා පද්ධති සැකසීම්, සිල්පර කොටන් යාවත්කාලීන කිරීම් සිදු නොවන නිසා මෙලෙස දෛනික දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සඳහා තවදුරටත් මූල්‍ය ප්‍රතිපාදන ලබානොදී සිටියහොත් දුම්රිය කොට උඩ යෑමට වැඩි කාලයක් ගත නොවන බවද ඒ මහතා කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment