උප්පැන්න,විවාහ,මරණ පිටපත් වලංගු කාළය දිගුවේ

628

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයක පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන අතර මීට පෙර එම ලේඛන මාස 06කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment