පුරුෂ ලිංගයේ නම කියමින් ශ්‍රීලනිප මහලේකම් තර්ජනය කළා – ශ්‍රීලනිප මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියෙකුගෙන් දෝස් මුරයක්

242

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පෙරේදා (22 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අතර තුර තමාගේ උරහිසෙන් අල්ලා මරන තර්ජනය කළ බව එම පක්‍ෂයේ මාධ්‍ය ඒකකයේ සේවය කරන ඡායාරූප ශිල්පියෙක් පවසයි.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරීම සැමරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අතරතුර පක්‍ෂයේ ක්‍රියාකරීන් පිරිසක් සමග කතා බස් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකර මහතා තමාට පුරුෂ ලිංගයේ නම කියා බැන වැදී තර්ජනය කළ බව ඔහු පවසයි.

මම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා සහ තවත් ආසන සංවිධායකවරුන් දෙතුන් දෙනෙක් සිටි ස්ථානයට ආපු දයාසිරි ජයසේකර මහත්තයා මගේ දෙසට ඇවිත් පුරුෂ ලිංගයේ තම කියලා බොහෝ පිරිසක් සිටියදී මට බැණ වැදුණා. තෝ දැන ගණින් මම තෝව මරනවා කියලා තර්ජනය කළා. ඇත්තෙන්ම මගේ ජීවිතයට කුමන හෝ කරදරයක් වුණොත් දයාසිරි මහත්තයා වගකියන්න ඕනෑ.

මීට මාස කිහිපයකට කලිනුත් දයාසිරි මට තර්ජනය කළා. පක්‍ෂයේ සභාපතිතුමාත් එතකොට එතැන හිටියා. මූව තියාගන්න එපා කනට ගහලා පන්නන්න කියලා පක්‍ෂයේ සභාපතිතුමාට කිව්වා. ඒ වෙලාවේ මෛත්‍රිපාල මහත්තයා දයාසිරි මහත්තයාට කිව්වා ඔයා මෙතනින් යන්න අපි මේ වෙන දෙයක් කතා කරන්නේ කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්ට තිබෙන ගරුත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා පක්‍ෂයේ සංවිධායකයන්ට පිටින් කොට්ඨාස සංවිධායකවරු කැඳවලා මෙයා වැඩසටහන් කරනවා. දයාසිරි කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව කුමන්ත්‍රණකාරීව කරලා සභාපතිකම ඩැහැගැනීමේ කුමන්ත්‍රණයක් මට මරන තර්ජනය කිරීම ගැන ඉදිරියේදී නීති පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment