ක්‍රිකට් සිද්ධිය: හේෂාට පැනවූ වාරණය ඉවතට

64

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හමුවේ සිදුකිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට තම අධිකරණය විසින් මින් පෙර පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ දිසා විනිසුරුවරයා එම වාරණ නියෝගය පනවා තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගය ලබන නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට ද විනිසුරුවරයා දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment