නවකයන්ට අතහිත දෙන අය අඩුයි – රුවන් කුමාර

59

ගායන හා ගී පද ක්‍ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යමින් සිටින ඔහු නමින් රුවන් කුමාර. මහනුවර අලපලාවල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුගියදා අප සමඟ කතාබහ කරන්නට එක්විය.

“මං පාසල් කාලයෙත් සිංදු කිව්වා. සිරස සුපර්ස්ටාර් වැනි රියැලිටි වැඩසටහන්වලට ඉදිරිපත්වෙලා වට කීපයක්ම ගිහින් තිබෙනවා. එහෙම අත්දැකීම් ලබාගත් මම සිංදු පහක් විතර කරලා තියෙනවා. 2014 දී මම පළමු සිංදුව කළා. ‘පාට ගෑව ආදරේ’ තමයි ගීතය. රුවන් මීගස්වත්ත සංගීතය සැපයුවා. ගීත රචනයත් එයාගෙමයි.

නවකයන්ට අතහිත දෙන අය අඩුයි - රුවන් කුමාර

“එතකොට මගේ දෙවැනි ගීතය තමයි ‘මල දෙනවදෝ’ ගීතය. ඒකෙ මාත් එක්ක දෙරණ ඩී්‍රම්ස්ටාර් වල ගී ගයන නිමන්ත චමෝදනී එක්ක ගීත ගායනා කරනවා. රූපවාහිනී නාලිකා හරහා මේ ගීතය හුඟක් ජනප්‍රිය වුණා.

“මගේ තුන්වැනි ගීතය ‘සැනසුමක් පතා” කියන ගීතය. මේක 2017 දී කළේ. මේ සිංදුවේ ගීත රචනය හා සංගීතය රුවන් මීගස්වත්ත.” එමෙන්ම මගේ 4 වැනි සිංදුව ‘ඔබෙ රුව’ කියලා සිංදුවක් කළා. ඒකේ සංගීතය සංජුල හේමපාල කළේ.

මගේ පස්වැනි සිංදුව මේ මෑත කාලයේ කළේ. මේ ගීත සමඟ ඇල්බම් එකක් එළිදක්වන්න අදහසක් තිබෙනවා. තව ශිහාන් මිහිරංග එක්ක සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබට උදව් කරන අය කව්ද?

විශේෂයෙන් මගේ අම්මා. තව මගේ යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. නිමේෂ්, හර්ෂ, ඉෂාර. රජිත කියන අය.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

තව මම ගී නිර්මාණ කීපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම කව්රුහරි මගෙන් ගීතයක් ලියවා ගන්න කැමති නම් ඒ දේ ඉටුකරලා දෙන්න සූදානම්.

අද කාලයේ මේ කලා ක්‍ෂේත්‍රයේ ගීත ගායනා කරමින් හරි ගීත රචනා කරමින් හරි ඉස්සරහට එන්න හදන තරුණ පිරිසට අත හිත දෙන අය අඩුයි. නමුත් මම කැමතියි ඒ අයට උදව් කරන්න. මොකද අපි ගත්තු දැනුම තව කෙනෙකුට බෙදා දෙනවා කියන්නේ ලොකු පිනක්. මට පුළුවන් ප්‍රමාණයෙන් හැම දෙනාටම උදව් කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment