ඇත්ත හංගන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

153

නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි පුද්ගලයන් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැඟවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි. ප්‍රතිජීවක ඖෂධය ලබාදීම නිසා ඇති වූ ආසාත්මිකතාවකින් රෝගියකු මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණා. කෑගල්ල රෝහලේ දී අසාත්මිකතාව නිසා මිය ගිය රෝගියාට ආසාත්මිකතාව ඒමට ප්‍රථම අදාළ ප්‍රතිජීවක ඖෂධය 14 වරක් ලබාදී තිබෙනවා. 15 වැනි අවස්ථාවෙයි ආසාත්මිකතාව ඇතිවූයේ. ආසාත්මිකතාවයෙන් පසුව හොඳ අතට හැරී තිබුණා. පසුව ඔහුගේ රෝගයේ සංකූලතවක් හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකයට ඇතුළත් කළා. එහිදී රෝගියාගේ පැවැති රෝගී තත්ත්වය අනුව මියගොස් තිබෙනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment