පාරිභෝගික පනතේ සංශෝධන ‘කෙකර ගායි’

40

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෙකී පනතේ සංශෝධන කටයුතු 2004 වර්ෂයේ දී ආරම්භ කර තිබුණි.

එමෙන්ම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ හඳුන්වා තිබූ පොදු විධාන 62ක් වර්තමානයට ගැලපීම් කිරීම සඳහා පත්කළ කමිටුවේ යෝජනා පරිදි ගැලපීම් සිදුකර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

එමෙන්ම ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් උපරිම මිල සහතික නිකුත් කිරීමේ දී උපරිම සිල්ලර මිල ලකුණු කළ තිබිය යුතු බවට භාණ්ඩ වර්ග 05ක් සම්බන්ධයෙන් පමණක් විධාන නිකුත්කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙරටට වාර්ෂිකව භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් ආනයනය කළද එම භාණ්ඩවල මිල ලකුණු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට නෛතික හැකියාවක් නොමැති වීම, අධිකාරියේ දත්ත පද්ධතිය ප්‍රකාරව ආනයනකරුවන් විසින් භාණ්ඩ මත සලකුණු කරනු ලැබූ මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ වෙළඳපොළේ විකිණීමට තබා ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම සමාගම් විසින් ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර නැවතත් ලේබල් අලවා ඇති අවස්ථා නිරීක්ෂණය වී ඇති බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment