සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනි නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී 9.00ට විකාශය වෙන ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ මිලාගේ චරිතය හරහා ඔබ හමුවට එන ඇය නමින් මිෂෙල් දිල්හාරා. මේ දවස්වල මිලා ගැන සමාජ මාධ්‍යයේ නිතර කතාබහ වෙනවා. ඒ වගේම ඇය පසුගිය දවසක බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ දේශනයකට ද සහභාගි වුණා. ඇයත් සමග මේ කතාබහ ඒ ගැනය.

මිෂෙල් දිල්හාර කොහොමද ඉතිං?

සතුටින් හොඳින් ඉන්නවා. රූගත කිරීම් සහ වැඩසටහන්වල වැඩ ටික කරගෙන යනවා.

ලලයි ලිලයි ලයි… සමග එන මිලා

මේ දවස්වල ලලයි ලිලයි ලයි එක්ක නේද?

ඔව්. ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යය සුපුන් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණයක්, Venus Productions නිෂ්පාදනයක් සහ රසික සූරවීරආරච්චි මහතාගේ රචනයක්. ස්වර්ණවාහිනී නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී 9.00ට විකාශය වෙනවා. මේ නාට්‍යයේ රූගතකිරීම් කරන්නේ ගාල්ල ප්‍රදේශයේ හරිම සුන්දර දර්ශන තලවල.

මිලාට ලැබෙන ප්‍රතිචාර?

සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. Face book සහ Tik tokවලත් මිලාගේ චරිතයේ clips ගොඩක් share වෙනවා. එළියේ eventsවලට යද්දිත් ගොඩක් අය ඇවිල්ලා කතා කරනවා නාට්‍යය බලනවා කියලා. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා.

ලලයි ලිලයි ලයි… සමග එන මිලා

කොහොමද මේ ආරාධනාව ලැබුණේ?

ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහත්මයා තමයි මට මිලාගේ චරිතය නිරූපණය කරන්න ආරාධනා කළේ. ඔහුට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට ඒ චරිතය ලබාදුන්නාට.

ඔබත් එක්ක රංගනයේ යෙදෙන අනිත් රංගන ශිල්පීන් ගැන කතා කළොත්?

රන්දික ගුණතිලක අයියා, සේමිනි ඉද්දමල්ගොඩ අක්කා, ධර්මප්‍රිය ඩයස් අයියා, වොල්ගා කල්පනී අක්කා, උමා අසේනි, සංජය මුරමුදලි, නිරෝෂන් විජේසිංහ අයියා, දුලාන් මංජුල ඇතුළු තව ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් එක්ක වැඩකරන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.

ලලයි ලිලයි ලයි… සමග එන මිලා

ලලයි ලිලයි ලයි දර්ශනතලය ගැන කතා කළොත්?

හැමෝම එක පවුලක් වගේ සතුටින් ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා. දවස ගෙවෙනවා තේරෙන්නේ නැති තරම්. මේ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා සුපුන් රත්නායක මහත්තයාව මෙහිදී විශේෂයෙන් ම මතක් කරන්න ඕනෑ. මොකද ඔහුගේ මඟපෙන්වීමෙන් මේ නාට්‍යය සාර්ථකව රූගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තිරය පිටුපස වැඩ කරන කැමරා ශිල්පීන් ඇතුළු සියලු ම කාර්මික ශිල්පීන්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. මොකද මේ නාට්‍යය හරි ම ලස්සනට රූගත කරන්න ඔවුන් දර්ශනතලයේ ගොඩක් මහන්සි වෙනවා.

මිලා ඉස්සරහට මොනවා කරාවි ද?

මිලාගේ චරිතය නාට්‍යයේ තාම ගොඩනැඟීගෙන යනවා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි නාට්‍යයෙන්ම බලමු.

ඔය අතරේ කාන්තා දිනයේදී, ද සොයිසා කාන්තා රෝහලේ දේශනයකට සහභාගි වුණ වීඩියෝවක් මේ දනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා?

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 වැනිදා පැවැත්වුණා. ඊට සමගාමීව ද සොයිසා කාන්තා රෝහලේ උත්සවයක් පැවැත්වුණා. එම උත්සවයට මටත් ආරාධනාවක් ලැබුණා දේශනයක් පවත්වන්න. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඩබ්.ඩී.පී.එල්. ජීවන්දර මහත්මිය, රෝහල් ලේකම් එච්.එම්.පී. කුමාරි මහත්මිය, වැඩසටහන් සම්බන්ධීකාරක හෙද නිලධාරිනී එල්.ඒ.ජේ.එම්. ලියනආරච්චි මහත්මිය, වැඩසටහන මෙහෙයවීම හෙද නිලධාරිනී එච්.ඒ.ඩී. දිසානායක මහත්මිය ඇතුළු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, හෙද සොයුරියන්, හෙද නිලධාරිනීන්, පුහුණු වන හෙද නිලධාරිනීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, පරිපාලන අංශයේ කාර්ය මණ්ඩලය, මුදල් අංශයේ කාර්ය මණ්ඩලය, ඖෂධවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්, සෞඛ්‍ය කාර්ය සහායක මහත්ම, මහත්මීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ මහත්ම,මහත්මීන් සහ අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

කවුද මේ ආරාධනාව කළේ ?

ද සොයිසා කාන්තා රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා තමයි මට ඒ ආරාධනාව කළේ. ඔහුට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කීරීම සම්බන්ධයෙන්.

වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලැබුණු ආරාධනාව ගැන මොකද හිතන්නේ?

වෛද්‍ය වෘත්තිය කියන්නේ මුළු ලෝකය ම ගොඩක් ගෞරව කරන වෘත්තියක්. මොකද රටේ සිද්ධවෙන ඕනෑම ව්‍යසනයකදී, විශේෂයෙන්ම කොවිඩ් වගේ මාරාන්තික ව්‍යසනයක් තිබ්බ කාලේ රටේ මිනිස්සු හැමෝම සුරක්ෂිතව තමන්ගේ පවුල් එක්ක ගෙවල්වල ඇතුළේ ඉන්නකොට, වෛද්‍ය වෘත්තිකයන් තමන්ගෙ පවුල්වල අය, එයාලගෙ ළමයින්ව රකින එක පසෙකට තියලා එයාලගේ වදඉ එක වෙනුවෙන් කැපවුණා. අනිත් අයගේ පවුල්වල අයව බේරගන්න. ඉතින් මේ වගේ ගෞරවනීය වෘත්තියක් නියෝජනය කරන පිරිසකගෙන් ආරාධනාවක් ලැබුණ එක මට විශාල ගෞරවයක්.

ඒ වැඩසටහනේදී ලැබුණු ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

දැන් ගායනයෙන් ඈත්වෙලා ද?

නෑ. ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ තේමා ගීත ගායනයෙන් පස්සේ මට තව අලුත් චිත්‍රපටයක තේමා ගීතය ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. මේ දිනවල ඒ ගීතයේ පටිගත කිරීම් කරගෙන යනවා.

මොනවාද අලුත් ආරාධනා?

අලුත් ටෙලි නාට්‍යයකට සහ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. එම නිර්මාණවල පිටපත් කියවන ගමන් ඉන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැනත් රසිකයන් දැනුවත් කළොත්?

ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයට අමතරව සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. අරුණ ජයවර්ධන මහතාගේ රස රහසක් ටෙලි නාට්‍යය සහ කළුආරච්චි මහතාගේ මෝහිනි ටෙලිනාට්‍ය දෙක විකාශය වෙන්න නියමිතයි. සෝලෝ ටවුන් චිත්‍රපටය එන්න තියෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment