රැකියා නැති 351,303ක්

64

මෙරට ඉකුත් වර්ෂයේ (2023) හතර වැනි කාර්තුවේදී 351,303 දෙනෙකු රැකියා නොමැතිව සිටින බැව් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඒ අනුව ඉකුත් වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස තුනේ දී මෙරට රැකියා වියුක්ත අනුපාතය සියයට 4.3කි. පිරිමි පුද්ගලයන්ගේ රැකියා වියුක්ති අනුපාතය සියයට 3.1කි. කාන්තාවන්ගේ රැකියා වියුක්ති අනුපාතය සියයට 6.8කි.

වයස් කාණ්ඩ අනුව සලකා බැලීමේ දී මෙම කාර්තුවේදී වැඩිම රැකියා විරහිතභාවය වාර්තා වන්නේ වයස අවුරුදු 25-29 වයස් කාණ්ඩයෙන් වන අතර එම සංඛ්‍යාව 98118කි. අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියා වියුක්තිය සලකා බැලීමේ දී මෙකී කාර්තුවේ අ.පො.ස උසස් පෙළ සමත් සහ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයින් 148,092දෙනකු රැකියා නොමැතිව සිටින අතර සාමාන්‍ය පෙළ සමත් 92,586 දෙනකු රැකියා නොමැතිව සිටින බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.

සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන්ගෙන් 110,624 දෙනකු රැකියා නොමැතිව සිටින බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment