විදුලිබල සැපැයුමේ ව්‍යාපෘති සේවකයන්ට හොර පාරෙන් බෝනස්

99

විදුලිබල සැපැයුමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 24.5ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

චක්‍රලේඛවලට පටහැනිව 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයේ දී මෙකී මුදල ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ මෙකී ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මෙය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපත්තියට සහ සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට අදාළ මාර්ගෝපදේශයන්ට අදාළව සිදුකොට ඇති බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment