නිවාස – දේපළ වෙළෙඳාම් අගය එකතු කළ වටිනාකම 11.8%කින් පහළට

45

මෙරට නිවාස හා දේපළ වෙළෙඳාම් අංශයේ අගය එකතු කළ වටිනාකම ඉකුත් වර්ෂයේ (2023) පළමු භාගයේ දී රුපියල් බිලියන 260.3 දක්වා සියයට 11.8කින් පහත වැටී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට නිවාස හා දේපළ වෙළෙඳාම් අංශයේ අගය එකතු කළ වටිනාකම රුපියල් බිලියන 295.2 පැවැති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව 2023 වර්ෂයේ පළමු භාගයේ දී නිවාස හා දේපළ වෙළෙඳාම් අංශයේ අගය එකතු කළ වටිනාකම රුපියල් බිලියන 34.9කින් අඩු වී ඇත.

එමෙන්ම 2022 වර්ෂයේ පළමු භාගයේ දී රුපියල් බිලියන 350.4ක් පැවැති මූල්‍ය සේවා හා රක්ෂණ අංශයෙහි අගය එකතු කළ වටිනාකම 2023 වර්ෂයේ එම කාල සීමාව තුළ රුපියල් බිලියන 258.5 දක්වා සියයට 26.2කින් පහත වැටී ඇති බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment