පුංචි ඡන්දය නිමාවන තෙක් මාරුවීම් පත්වීම් නැහැ

143

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ ඉකුත් 04 වැනිදා සිට ඡන්ද විමසීම සිදුකර අවසන් වන තෙක් කාලයේදී දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය හෝ අගතියට පත් කරවන ක්‍රියාවන් සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (05දා) දැනුම්දී ඇත.

එමෙන්ම එම කාලය තුළ රාජ්‍ය ආයතනවල බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් ආදිය සීමා කරන ලෙස ද දැනුම් දී තිබේ.

විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඡන්ද විමසීම් කාලසීමාව තුළ රජයට හෝ රාජ්‍ය සංස්ථාවකට අයත් චංචල හෝ නිශ්චල දේපළක් දේශපාලන පක්‍ෂයකට වාසි අන්දමින් යොදා ගතහොත් එම ක්‍රියාව තහනම් කිරීමේ බලය කොමිසම වෙත පවරා තිබේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment