තහනම් කොටි සැමරුම් ගැන ටී අයි ඩී යෙන් විමර්ශන

74

අප රට තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම්කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීම සඳහා ජාතිවාදය, ජාතීන් අතර අසමගිය හා ජනතාව කුපිත කරවන ආකාරයෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව සංවිධානය කරන පිරිස් පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇතැයි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (05 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.

මොරටුව වෑබඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ පදලංගල සමිත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්හ. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment