යුක්තියෙන් බන්ධනාගාරයට පාඩුයි

1236

දිනකට කෝටි 5ක්

යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන සැකකරුවන් ගණන දිනෙන් දින ඉහළ යෑමත් සමඟ රැඳවියන් නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල රුපියල් පන්කෝටියකට ආසන්න වී ඇතැයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

රටපුරා පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් ගණන එකොළොස් දහසක් වුවත් මේ වනවිට බන්ධනාගාරගතකර සිටින රැඳවියන් ගණන තිස්දහස ද ඉක්මවා ගොස් ඇත. යුක්තිය මෙහෙයුම ආරම්භයට පෙර මෙරට බන්ධනාගාරවල සිටි රැඳවියන් සහ සැකකරුවන් නඩත්තු කිරීමට දිනකට වැය වූයේ රුපියල් හාරාකෝටි විසිලක්‍ෂයක පමණ මුදලකි. මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් විමසූවිට ඒ මහතා කියා සිටියේ බන්ධනාගාරගත වන එක් සැකකරුවකු නඩත්තු කිරීමට දිනකට රුපියල් එක්දහස් පන්සියයක් පමණ වැයවන බවයි. මත්ද්‍රව්‍ය මැඬලීම ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම මගින් බන්ධනාගාරගත වන සැකකරුවන් ඇතුළු සෙසු රැඳවියන් නඩත්තු කිරීම හා රඳවා තැබීම අභියෝගයක් වුවත් ඊට විසඳුම් යොදන බවද ඇමැතිවරයා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment