අතවර පැමිණිල්ලට නිලධාරිනිය ලැජ්ජයිලු

517

අතවර පැමිණිල්ල කරන්න නිලධාරිනිය මැලිකමක් දක්වනවා – කථානායක කියයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයකු විසින් ලිංගික බලපෑම් කළ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට කීය.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇති ලැජ්ජාශීලීභාවය නිසා එම සිද්ධිය පිළිබඳව ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කථානායකවරයා කියා සිටියේය.

බස් රථවලද කාන්තාවන්ට මෙවැනි අතවර සිදුවුවත් සමහරු ඒවා ගැන පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසා යැයි ද කථානායකවරයා කීවේය.

ඒ අනුව පැමිණිල්ලක් නැතිව පරීක්‍ෂණ පවත්වන්නේ කෙසේ දැයි කියා කථානායකවරයා සඳහන් කළේ ‘ඉරිදා දිවයින’ සංග්‍රහය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ කෝප් කමිටු සාමාජිකයා මෙම අතවර චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment