සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහි වූ උතුරුකරයේ ජයග්‍රාහකයින්ට චෙක්පත් ප්‍රදානය කරයි

97

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය තුළ උතුරු පළාතෙන් බිහි කරන ලද ජයග්‍රාහකයින් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.01.07 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු නැගෙනහිර කලාප කළමනාකරු අයි. ඩී. පී. කුමාරසිරි මහතා, යාපනය හා මන්නාරම දිස්ත්‍රික් අලෙවි ප්‍රවර්ධන නිලධාරි එම්. තවකෝකුලන් මහතා සහ කිලිනොච්චි, වවුනියා අලෙවි ප්‍රවර්ධන නිලධාරි කේ. ප්‍රදීපන් මහතාද සහභාගී විය.

එලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ශනිදා වාසනාව 4098 වාරයේදී රුපියල් තුන්කෝටි විසිහය ලක්ෂයක සුපිරි ජයමල්ල දිනාගත් මන්නාරමේ පදිංචි ශන්මුගනාදන් මහතා, ශනිදා 4067 වාරයේදී රු. 1,000,000 ක ජයමල්ලක් දිනාගත් යාපනයේ පදිංචි ජේ. අයියෝගරන් මහතා, ශනිදා 4094 වාරයේදී රු. 1,000,000 ක ජයමල්ලක් දිනාගත් යාපනයේ පදිංචි කේ. ක්‍රිෂ්ණකෝපි මහතා අද කෝටිපති 1737 වන වාරයේදී රු. 1,000,000 ක ජයමල්ලක් දිනාගත් යාපනයේ පදිංචි පී. එච්. එස්. හන්ට් මහතා, අද කෝටිපති 1740 වන වාරයේදී රු. 1,000,000 ක ජයමල්ලක් දිනාගත් වී. සුරේෂ් මහතා සහ වාලම්පුරි 01 වන වාරයේදී රු. 2,000,000 ක ජයමල්ලක් දිනාගත් එෆ්. ලක්ෂ්මන් මහතා එලෙස මුදල් ත්‍යාග ජයග්‍රහණය කළ අතර, මන්නාරමේ අලෙවි නියෝජිත එන්. මහේන්ද්‍රන් මහතා, යාපනයේ අලෙවි නියෝජිතවරුන් වන කේ. තිලකාවතී මහත්මිය, ටී. සකීජන් මහතා, වව්නියාවේ අලෙවි නියෝජිත කේ. බාලක්‍රිෂ්ණන් මහතා, එම්. තවනීදන් මහතා සහ කිලිනොච්චි අලෙවි නියෝජිත ටී. ශිවසිදම්බරනාදන් මහතා මෙම වාසනාවන්ත ටිකට් පත් අලෙවි කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment