Soap and Allied Industries ජයග්‍රහණයේ 25 වන වසර සමරයි

14

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Colombo Machinery and Equipment Limited (CMEL) අනුබද්ධ සමාගමක් වන Soap and Allied Industries (Pvt& Ltd) (SAIL) පසුගයිදා සිය සාඩම්බර 25 වන වසර සැමරුවේය.

සුඵ පරිමාණයෙන් ආරම්භ කර ජයග්‍රාහී’ගමනක නිරත වූ Soap and Allied Industries (Pvt& Ltd) අද වන විට රසායනික සංයෝජක සහ අමුද්‍රව්‍ය වෙළෙද පොළේ ප්‍රමුඛයා වීමට හැකියාව ලැබී ඇත.

වසර 25ක සාර්ථකත්වය සැමරීම සදහා SAIL විසින් කොළඹදී විශිෂ්ට සහ අලංකාරවූ උත්සවයක් පසුගියදා සංවිධානය කරන ලදී.

නෙස්ලේ, හේමාස්, යුනිලීවර්, කොකා-කෝලා ඇතුළු SAIL ගමන් මග අලෝකවත් කළ අය මෙන්ම සහ අනෙකුත් ගෞරවනීය හවුල්කරුවන් වන Delmage, Basilur Tea, ICL Marketing, Teejay Lanka ඇතුළු තවත් බොහෝ අය මෙම අවස්ථාවට සහභාගී විය. එය හුදෙක් සංවත්සරය සැමරීමේ රාත්‍රියක් පමණක් නොව SAIL හි ගමන් මගට සම්බන්ධ වෙමින් සහයෝය දැක්වූවන්ට කෘතඥතාව පිරිනැමීමේ මතක හිටින අවස්ථාවක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment