ජංගම දුරකථන, පරිගණක නිතර භාවිතා කරන අයට මතුවන ඇස් පෙනීමේ දුර්වලතා

543

වර්තමානයේ අප බොහෝ දෙනා නිතර ජංගම දුරකථනය සමග සමීප වී සිටිති. උදේ අවදිවූ මොහොතේ සිට රාත්‍රියේ නින්ද සඳහා ඇඳට ගියද එහි සිටද ස්මාර්ට් දුරකථනය පරිහරණයට හුරුව සිටිති. මෙනිසා බොහෝ දෙනාගේ අවිදුර දෘෂ්ඨිකත්වයේ ගැටලු මතුවීමට ඉඩ කඩ බොහෝ පවතී.

මෙලෙස ජංගම දුරකථන, පරිගණක ආදිය ඇසට ළංව තබාගෙන භාවිතා කිරීම නිසා වැඩි වෙලාවක් ඇසේ මාංශපේෂී එක් ඉරියව්වකින් පැවතීම නිසා විඩාවට පත්වේ. එවිට ඇස් රිදීම, හිස කැක්කුම ආදිය ඇතිවේ.

එනිසා නිතර මෙවැනි භාණ්ඩ භාවිතයේදී එක දිගට වැඩි වේලාවක් ඇස එකම ඉරියව්වකින් තබා ගැනීම නොකළ යුතුය. විනාඩි කිහිපයකට වරක්වත් ඇසේ ඉරියව් වෙනස් කර දුර බැලීම කළ යුතුය.

අවිදුර දෘෂ්ඨිකත්වය

යම් පුද්ගලයකුට සෙන්ටි මීටර් 06 ක් පමණ දුර ඇති යමක් පැහැදිලිව නොපෙනේනම් එම පුද්ගලයාගේ ළඟ පෙනීමේ දුර්වලතාවයක් ඇති බව සිතිය හැකිය.

මෙම තත්ත්වය බහුලව මතුවන්නේ වයස අවුරුදු 40 පමණ වන විටදීය. එවිට එම පෙනීමේ දුර්වලතාවයට හතළිස් ඇඳිරිය යැයි පවසනු ලබයි. මෙලෙස ළඟ පෙනීමේ දුර්වලතාවයක් මතුවු විට එය නිසි පරීක්‍ෂාවකට ලක් කර ගත යුතුය. එනම් ඇස් පෙනීමේ හැකියාව පරීක්‍ෂා කරවා ගත යුතුය. එවැනි අවස්ථාවකදී කණ්ණාඩි යුගළක් පැළඳීමට නිර්දේශ කළහොත් එය භාවිතා කළ යුතුය. කණ්ණාඩි යුගළක් පැළඳීම බියවීමට කරුණක් නොවේ. එය වැස්සට කුඩයක් ඉහළ ගෙන යනු හා සමාන දෙයකි. තමාට පෙනීම ගැටලුවක් මතුවන අවස්ථාවට කණ්ණාඩි යුගළ පැළඳ එම ගැටලුව මඟ හරවා ගැනීමක් සිදුකර ගනු ලබයි. එනිසා කණ්ණාඩි පැළඳීම යනු ඖෂධ ප්‍රතිකාර හා සමාන දෙයක් නොවේ. එය පෙනීම සඳහා උපකාරී කරවන තාවකාලික උපාංගයකි.

අප ඇස දැඩි ලෙස වෙහෙස කරවමින් යමක් දැකීමට උත්සාහ කිරීමේදී ඇසේ මාංශ පේශී ඇදීමට ලක්වීම, ගණවීමට ලක්වීම ආදී අනතුරුවලට පත්වේ. වයසට යනවිට ඇසේ කාචය ගණවීම නිසා මෙය තවත් බරපතළවේ. එවිට වෙහෙසක් ගෙන පෙනීම ලබා ගැනීමට යෑමේදී ඇසට වේදනාවක් හටගනී.

ළඟ පෙනීමේ දුර්වලතාවය ඇතිවීමට වයස් සීමාවක් නොමැත. ඇතැම් දරුවන්ගේ උපතින් ඇස්වල මතුව ඇති ගැටලු නිසා ළඟ පෙනීමේ දුර්වලතා පවතී. තවත් පිරිසකට තරුණ වයසේදීම එය මතුවේ. එය තමා නිරත රැකියාව අනුව වියහැකිය. නිදසුනක් ලෙස නිතර පරිගණක භාවිතෙන් රැකියාවල නිරත වන අයට එහි ඇති ආලෝක කිරණ වැඩි කාලයක් ඇසට යොමුවීම නිසා ඇසේ කාචයට බලපෑම් ඇතිවිය හැකිය. එනිසා එවැනි අවස්ථාවන්හිදී එම ආලෝකය කෙලින්ම ඇසට එක් නොවන ලෙස ඊට ගැලපෙන ඇස් කණ්ණාඩි භාවිතා කළ හැකිය.(Blue Rays Filter Glasses)

ඇස නිතරම ළඟ බැලීම සඳහා වැඩිකාලයක් එකම කෝණයකින් තබාගැනීමෙන් ඇස් දෙකෙහි කළු බෝල දෙක එක ළඟට පැමිණිය හැකිය. එවිට වපරය තත්ත්වයක් ඇතිවේ. එසේම ඇසේ කළු බෝල දෙක කුඩාවීමක් ද සිදුවිය හැකිය.

එබැවින් අප නිතරම ඇස දැඩි ලෙස වෙහෙස කරවන්නේ නැතිව නිතර දුර බැලීම ඇසේ කෝණ වෙනස් කරමින් බැලීම ආදියට යොමුවිය යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

ජංගම දුරකථන, පරිගණක නිතර භාවිතා කරන අයට මතුවන ඇස් පෙනීමේ දුර්වලතා

අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ
නරේෂ් ප්‍රදාත්

advertistmentadvertistment
advertistmentadvertistment