නිධන් කඩපු බඩුද? කාක නිල් දෙකක් හොර පාරෙන් විකුණන්න හදලා

368

හිමිනමක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී අයුරින් විකිණීමට උත්සාහ කරන ලද කාකා නිල් මැණික් 2ක් යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇත. මෙම සිදුවීම සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමිනමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනකු ද කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 72ක් වූ අනෙක් සැකකරු ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලඥයකුගේ පියකු බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත්වූ මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක කෙරේ. මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment