ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් 1.6 ඉක්මවයි

178

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් වීම වළක්වන බවට මෙයට වසර නවයකට පෙර ලෝක නායකයන් විසින් ප්‍රතිඥා දී ඇතත් ඉකුත් වසරක කාලය පුරාම ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගොස් තිබූ බව යුරෝපා සංගමයේ කාලගුණ විද්‍යා සේවාව විසින් ඊයේ (08දා) නිවේදනය කර තිබේ. මෙය ලෝක ඉතිහාසයේ ගෝලීය උණුසුම අදාළ සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව සේ සැලකේ. 2015 වසරේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ගෝලීය දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් විසින් පරිසරයට මුදා හැරෙන මිනිසාට අහිතකර කාබන් වායුව කපා හරිමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක ඉක්මවීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දී තිබිණි. එම ප්‍රතිඥාව ලබා දීමට හේතු වී තිබුණේ එම උෂ්ණත්ව මට්ටමට ගෝලීය උෂ්ණත්වය ළඟා වුවහොත් එමගින් මිනිසාට මෙන්ම ගහකොළ ඇතුළු පරිසරයට හා සතුන්ට හානිකර ප්‍රතිඵල අත් විය හැකි නිසාය. විද්‍යාඥයන්ට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවමින් සෙල්සියස් අංශක 2ක් දක්වා ඉහළ ගියහොත් ඒ හරහා දරුණු තාප තරංග (හිට් වේව් ) මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා වන සතුන් විශාල වශයෙන් මිය යෑම වැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පැමව සිදු වනු ඇත.

වසරක කාලයක් තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවා වාර්තා වීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවත් මෙහිදී වගකිවයුත්තන් විසින් ගෝලීය උණුසුම වැඩි වන අයුරින් පරිසරයට හානිකර වායුන් මුදා හැරීම මෙම තත්ත්වයට මුල් වී ඇති බව රාජකීය කාලගුණ විද්‍යා සංගමයේ ප්‍රධාන විධායක මහචාර්ය ලිස් බෙන්ට්ලි පවසන්නීය. මෙහිදී වගකිවයුත්තන් විසින් ගත් වැරදි පියවර හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මෙහිදී අප විසින් සිදු කළ යුතු කාර්යය කුමක්දැයි අවබෝධ කරගෙන සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment