ගෝල්ෆේස් විරෝධතාව මැඬීමට පොලිසිය උසාවි නියෝගයක් ගැනීමට යනවා

430

‘ජනතා නීතිඥයෝ’ අධිකරණ සේවා කොමිසමට ලියති

කොළඹ ගාලුමුවදොර පිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයට එරෙහිව විරෝධතාවේ යෙදී සිටින සාමකාමී ජනතාව මර්දනය කිරීමට කොටුව පොලිසිය අධිකරණයේ මැදිහත්වීම ලබා ගැනීමට වෑයම් දරන බව පෙනීයන බැවින් එම අධිකරණ ක්‍රියාවලිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී සිදු නොකර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා නීතිඥයෝ සංවිධානය ඊයේ (19දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් භාරදුන්නේය.

ගෝල්ෆේස් පිටිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් වුවත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වර්තමාන රජයේ ප්‍රබල දේශපාලනඥයින් සමග සෘජුවම සබඳතා පවත්වන අධිකරණ නිලධාරියකු වන බැවින් රජයට එරෙහිව දියත් කර ඇති එකී විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් වූ පැමිණිල්ලේදී අපක්ෂපාතී තීරණයක් ඔහුගෙන් අපේක්ෂාකළ නොහැකි බව සිය සාමාජිකයන්ගේ මතය යැයි එකී ලිපිය මගින් පෙන්වාදී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment