ඉන්දියාව ගෝලීය  ඉල්ලුමට සරිලන තිරිඟු පිටි සැපයීමේ අසීරුතාවයක

129

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් තිරිඟු අස්වැන්න විනාශ වීම හේතුවෙන් දේශීයව හා විදේශීය රටවලින් ඉදිරිපත්ව ඇති ඉල්ලුමට සරිලන තිරිඟු පිටි සැපයුමක් සිදු කිරීම මෙම දිනවල ඉන්දියාවට අසීරු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි. තිරිඟු අස්වැන්න විනාශ වීම මෙන්ම යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ අලෙවි වන ඩීසල් මිල ගණන් ඉහළ යෑම හා විදෙස් රටවලින් තිරිඟු පිටි සඳහා පවතින අධික ඉල්ලුම මත මෙම දිනවල ඉන්දියාවේ දේශීය වශයෙන් අලෙවි කෙරෙන ආටා පිටිවල මිල මෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලද ඉකුත් මාර්තු මාසයේ සිට ඉහළ යමින් පවතින බව ඉන්දීය රජයේ සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්නුම් කරයි.

 යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය වශයෙන් හටගන්නා බවට අනාවැකි පළව ඇති ආහාර හිඟය මඟහැරවීම සඳහා මුළු ලොවටම අවශ්‍ය තරම් තිරිඟු පිටි සැපයීමට ඉන්දියාව පියවර ගන්නා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් මෙයට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට පවසා තිබිණි. එහෙත් මෙවර නියමිත කලට පෙර අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දීමට ඉන්දියාවට සිදු වීම හේතුවෙන් 2021-22 කාලසීමාවේදී තිරිඟු මෙටි්‍රක් ටොන් 110ක අස්වැන්නක් නෙළා ගැනීමට ඉලක්ක කර තිබුණ ද එම අස්වැන්න ප්‍රමාණය තවත් අඩුවන තත්ත්වයක් උද්ගතව ඇති බව ඉන්දීය ලේකම් සුධන්ෂු පාන්ඩේ පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment