‘සෞදි සිහින’ වන්නම පොලිසියෙන් නැවතිලා

443

වට්ස් ඇප් තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යාජ වීසා බලපත්‍රයක් සකස්කොට සෞදි අරාබියට යවන බවට රවටා පුද්ගලයකු ගෙන්වාගෙන සෙල්ලම් පිස්තෝල එල්ලකර බියවද්දා මුදල් සහ බඩුබාහිරාදිය කොල්ලකෑ පුද්ගලයකු 26 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකස්වත්ත, යටියන, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. වීසා සහ ගුවන් බලපත් හදිසියේ ලැබුන බවත් විදෙස් ගතවීම සඳහා සියලු බඩුබාහිරාදිය ගෙන මතුගම ප්‍රදේශයට එන ලෙසත් පැමිණිලිකරුට දන්වා පාළු ප්‍රදේශයකට කැටුව ගොස් තමා සන්තකයේ තිබූ රුපියල් හැට දහසක් කොල්ලකෑ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය. සැකකරු විසින් සිදුකළ එවැනි මුදල් වංචා සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් අගලවත්ත සහ බදුරලිය ප්‍රදේශයේ වාර්තා වී ඇති බවත් තවත් ප්‍රදේශවල මුදල් වංචා සහ කොල්ලකෑම් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති (වැබ) රාජිත ගුරුසිංහ, කොස්තාපල්වරුන් වන හේරත් (68305) සහ ඉෂාර (102030) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment