අපනයන ආදායම පහළට

165

ගිය වසරේ (2022) නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව ඉකුත් නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා සියයට 2.67කින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ අපනයන පසුබෑම වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය 2023 නොවැම්බර් මාසයේදී සියයට 4.4 කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment