කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ඇරැඹේ

185

බාල බෙහෙත් ගෙන්වීම, වෛiවරුන් රට හැරයෑම මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා නිසි පරිදි කටයුතු නොකිරීම යන කාරණා නිසා මේ වන විට රෝගීන් මිය යන බවත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක්වී ඇති බැවින් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් ඒ පිළිබඳ විවාදය ආරම්භ කරමින් විපක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) කීවේය.

විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන ලද්දේ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ඇති පෞද්ගලික තරහක් පිරිමැසීමට හෝ ආණ්ඩුව පෙරළීම සඳහා නොවන බවත් එහි දී කී මන්ත්‍රීවරයා මෙරට ජනතාව සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගත යුතුව ඇති බවත් පැවසීය.

මේ වන විට රජයේ රෝහල් රැසක එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර සහ ‘පෙට්’ ස්කෑන් යන්ත්‍ර අකර්මණ්‍ය වීමෙන් රෝග විනිශ්චය කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි ගැටලුවක් වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය හේතුවෙන් වෛiවරයකුට රෝගියකුට ප්‍රතිකාර කොට ආත්ම තෘප්තියක් ලැබීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇතැයි ද හෙතෙම පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment