කන්දකාඩු රැඳවියා  මියයෑමේ සිද්ධියට හමුදාවේ 4ක් 14 තෙක් රිමාන්ඩ්

96

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩුව පුනරුත්ථාපන හා ප්‍රතිකාර කඳවුරේ රැඳවියකු සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි එම කඳවුරේ සහාය උපදේශකවරුන් ලෙස සේවය කළ හමුදා සාමාජිකයන් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලොන්නරුව මහෙස්ත්‍රාත් එම්. එම්. එෆ්. මින්හා මහත්මිය (02දා) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ ගල්නෑව, කලංකුට්ටිය, පත්තිනිගම ලිපිනයේ පදිංචි විජේරත්නගේ දිනිඳු අනුරුද්ධික වීරසිංහ, හූරිගස්වැව, සුදර්ශනාගම, අංක 111 යන ලිපිනයේ පදිංචි යමානේගෙදර ජගත් කුමාර විජේරත්න, නාවලපිටිය, නවතිස්පනේ, අංක 01, හුණුගල්ඔය ලිපිනයේ පදිංචි මැදගොඩ ගෙදර සුරංග ලක්මාල් මැදගොඩ ගෙදර, බකමූණ, කෝට්ටපිටිය, යාය 14, අංක 19 පදිංචි බාරෝන් ආරච්චිලාගේ සිසිල් චන්ද්‍රකුමාර යන සිව්දෙනායි.

ඉකුත් 29 වැනිදා වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන හා ප්‍රතිකාර කඳවුරේ සිටි රැඳවියකු සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ සහාය උපදේශකවරුන් ලෙස සේවය කළ මෙම හමුදා සාමාජිකයන් සිව්දෙනා ඉකුත් 01 වැනිදා වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැරයන්වරුන් දෙදෙනකු යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු සහ සැරයන්වරයකු මොවුන් අතර වන බව පොලිසිය සඳහන් කළේය.

කරුණාරත්න ගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment