තොරතුරු කොමිෂන් සභාව පැවරූ පළමු නඩුවෙන්ම චෝදනා ලැබුවෝ නිදහස්

475

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ. කේ. ධර්මතිලක මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) පස්වරුවේ නියෝග කළේය. එම විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ප්‍රශන්ති නාරංගොඩ මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම නඩුව පවරා තාබුණි. තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේ නීත්‍යානුකූල බලය ඇතත් එම නඩුව පැවරීම සිදුකර ඇත්තේ කොමිෂන් සභාවේ නිල නාමයෙන් හා නිල මුද්‍රාව යටතේ නොවන බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවන් නොමැති බව එම කොමිෂන් සභාව පැවරූ පළමු නඩුව වන ඒ සම්බන්ධයෙන් නියෝගය ලබාදෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවැසීය. කෙසේ නමුත් එම අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඉදිරියේදී නඩු පැවරීමට බාධාවක් නොවන බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

උපකුලපතිනිය ඇතුළු සැකකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment