දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න රනිල්ගෙන් පෙත්සමක්

458

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමා සම්බන්ධයෙන් ලබාදී ඇති අවසන් නිර්දේශ බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට ඊයේ (8 දා) පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සහ සෙසු කොමසාරිස්වරුන් දෙදෙනාත්, එම කොමිෂන් සභාවේ ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාත් නම්කොට ඇත.

තමා අගමැතිවරයා ලෙස කටයුතු කළ යහපාලන රාජ්‍ය සමයේ කි‍්‍රයාත්මක වූ ¥ෂණ මර්දන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් විමර්ශනය කර ඇති බවත් එහි අවසන් නිර්දේශ මගින් තමන්ද යම් යම් පැමිණිලිවලට වගකිවයුතු බවට නිර්දේශ කර ඇති බව ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබී ඇති බවත් පෙත්සම්කාර රනිල් වික‍්‍රමසිංහ මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි.

එකී විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට සාධාරණ කාලයක් ලබානොදීම රටේ පවතින නීතියට පටහැනි සේම සාධාරණ යුක්තිධර්මයට පටහැනි වන බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එකී නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද හෙතෙම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

¥ෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් සිදුකරනු ලැබුවේ පෙර පැවැති රාජ්‍ය සමයේ සිදුවූ විවිධ ¥ෂණ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අදාළ අංශවලට යොමු කිරීම පමණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන බවත් තමා එකී විමර්ශනවලට කිසිදු මැදිහත්වීමක් සිදුනොකළ බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට පෙන්වාදී ඇත. එකී ලේකම් කාර්යාලයට අදාළ සියලූ වියදම් නීත්‍යානුකූලව වෙන්කළ බවත් එය පිහිටුවනු ලැබුවේ කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් මත බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment