ශ‍්‍රී ලංකන් මොස්කව් වෙත සෘජු ගුවන් ගමන් අරඹයි

615


මොස්කව් කොළඹ ගුවන් යානයේ පළමු මගියාට හිමි ඇතුළුවීමේ ටිකට්පත ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් රුසියාවේ ශ‍්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්. ඞී. ලමාවංශ මහතා වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කරමින් 2021 ජූලි මස 30 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මොස්කව් බලා පියාසර කරන ලද ගුවන් යානය පෙරේදා උදෑසන (01වැනිදා) දිවයිනට ලඟාවිය.

රුසියාවේ මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපලේදී එහි නිලධාරීන් විසින් ශ‍්‍රීලංකන් ගුවන් යානය

චාරිත‍්‍රානුකූලව ජල ආචාර වලින් පිළිගනු ලැබීය. වසර 6 ක විවේකයකින් පසු ශ‍්‍රී ලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වෙත මෙලෙස ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම විශේෂයකි.

සෑම සිකුරාදා දිනකම ශ‍්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ශ‍්‍රී ලංකන් සිය ගුවන් ගමන් ආරම්භ කරන්නේ පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් ්330 වර්ගයේ ගුවන් යානා සමගින්ය. සතියකට එක් වරක් එනම් සෑම සිකුරාදා දිනකම ගුවන් මෙහෙයුම් ක‍්‍රියාත්මක වනු ඇත. ඹඛ533 ගුවන් යානය පැය 22: 20 ට කොළඹින් පිටත් වී පැය 04: 30 ට මොස්කව් ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළට ගොඩබසිනු ඇත. නැවත ආපසු ඹඛ534 මොස්කව් සිට පැය 19:15 ට පිටත් ව ඊළඟ දවසේ එනම් ඉරිදා දින පැය 06:05 ට නැවත කොළඹට පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ වේ.

ප‍්‍රභාත් විතාන




 

advertistmentadvertistment
advertistmentadvertistment